ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි පැරණි ළිදක් පිරිසිදු කිරීම සදහා ගිය පුද්ගලයින් තිදෙනෙක් හදිසියේ රෝගාතුර විම නිසා මිය ගොස් තිබේ.
මෙම ළිද කාලාන්තරයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන වසා දමා තිබී ඇති අතර එය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මෙම අවාසනාවත්න ඉරනමට ගොදුරු වී තිබේ. පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස මෙම කාර්ය සදහා ගොස් ඇති අතර අනෙක් තිදෙනා අසාද්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සූරියගොඩ, ජනතාපුර සහ හොප්ටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.
සිද්ධිය සම්බන්ධව ලුණුගල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
( කපිල ගුණවර්ධන )