පසුගියදා දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරුවේ යැයි සැකපිට බන්ධනාගාර ගත කර සිටින විහාරාධිපති උණපානේ චන්දවිමල හිමි නැවත තම විහාරස්ථානයට එපා යැයි කියා දායකයන් එක්වී දැවැන්ත විරෝධතාවයක නිරත විය.
විහාරස්ථානය සුරැකීමේ සංවිධානය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් සාප්පුකඩේ මංසන්ධියට පැමිණ පසුව නැවත හැරී නුගතලාව මංසන්ධියට ගමන් ගත්තේය. අනතුරුව නුගතලාව මංසන්ධියේදී පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව විරෝධතාවය නිමා විය.
මහ වැසිද නොතකා විශාල පිරිසක් සහභාගී වී සිටි මෙම විරෝධතාවයේදී විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියේ වර්ෂ සිය ගණනක් තමන් වැදුම් පිදුම් කල බෝධිය කපා කෝවිලක් සෑදීමට කටයුතු කරන විහාරාධිපති හිමියන් හට කිසිසේත් විහාරස්ථානයට නැවත පැමිණීමට ඉඩ නොතබන බවත් දිවි පරදුවට තබා හෝ තමන් මෙම සටන ගෙන යන බවත්ය.
ප්‍රදේශය පුරා මෙම විරෝධතාවයට සමගාමීව ප්‍රදේශවාසීන් විසින් විහාරාධිපති හිමියන්ට විරෝධය දක්වමින් කළු කොඩිද ඔසවා තිබිණ.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ / කරුණාරත්න පල්ලේගම )