දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියකට පෞද්ගලික ආරවුලක් මත ඊයේ මධ්‍යම රාත්රියේදී ගිණි තබා ඇතැයි වාර්ථා වේ.
මෙලෙස යතුරු පැදියට ගිණි තබා ඇත්තේ දියතලාව යුධ හමුදා කදවුරේ සිවිල් සේවකයෙක් වන අතර මෙම ගිණි තැබීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරු පැදියක් සම්පූර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වි ඇතැයි පොලිසිය පවසයි.
අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව දියතලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
( ප්‍රේමලාල් රත්නායක )