උමා ඔය ව්‍යාපාරයට අයත් පුහුල්පොල වැඩ බිමේ සේවකයෝ අද (12 දා ) ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස බල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් අද දින වැඩ බිමේ වැඩ කටයුතු නතර වී ඇති අතර තම ඉල්ලීම් ලැබෙන තෙක් අද දිනය පුරාම මෙම වර්ජනය දියත් කරන බව සේවකයෝ පවසති.
රජය විසින් වැඩිකල රුපියල් 2500 වැටුප් වැඩි කිරීම මෙතෙක් නොගෙවීම, අතිකාල දීමනා නියමාකාරව නොගෙවීම, අර්ථ සාධක අරමුදල් ගෙවීම් විනිවිද භාවයකින් තොර වීම, පොදු නිවාඩු දින වලදී වැඩ කලද නියමාකාරව වැටුප් නොගෙවීම ආදී කරුණු මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බැව් වැඩ වර්ජනයට එක්වී සිටින කම්කරුවන් BADULLA NEWS වෙත පැවසිය.
තම ඉල්ලීම් ලැබෙන තුරු අද දිනය පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බැව්ද වර්ජකයින් අප වෙත පැවසීය.