Home / Uncategorized / වැලිමඩ ප්‍රාදේශීය සභාවට එරෙහිව අනියම් කම්කරුවෝ වැඩ වරති

වැලිමඩ ප්‍රාදේශීය සභාවට එරෙහිව අනියම් කම්කරුවෝ වැඩ වරති

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ අනියම් කම්කරුවන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත් වී වැලිමඩ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද ( 11 දා ) වැඩ වර්ජනයක නිරත වූහ.

තමන්ට හිමි මාසික වැටුප ඊයේ දින ගෙවීමට නියමිතව තිබුනද එය ගෙවීමට ප්‍රාදේශීය සභාවේ බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධවත් සේවය අත්හිටුවා ඇති තම සහෝදර කම්කරුවන් තිදෙනා යලි සේවයේ පිහිටුවන ලෙසටත් බල කරමින් මෙම විරෝධතාවයේ නිරත වන බව විරෝධතාකරුවන් BADULLA NEWS වෙත පැවසීය.

1

3

4

5

6

8

මෙම විරෝධතාවය හේතුවෙන් වැලිමඩ නගරයේ කැළි කසල ගොඩ ගැසී තිබෙන බවත් නගරයට පැමිනෙන ජනතාව මේ හේතුවෙන් අපහසු තාවයට පත්වී සිටි අයුරුත් දැක ගත හැකි විය

2

විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.එම්.ජයසේන මහතා කම්කරුවන්ගේ මාසික වැටුප ගෙවීමට පොරොන්දු වූ අතර වැඩ තහනම් කර ඇති සේවකයින් නැවත සේවයේ පිහිටුවන බවට ලබා දුන් තීරණයට අනුව වැඩ වර්ජනයේ නිරත වූ කම්කරුවන් සිය වර්ජන ක්‍රියාමාර්ගය නතර කලහ.

7

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ / ආර්.කෝගුලන්)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *