හාලි ඇළ ජාතික පාසලේ තිබූ වටිනා ගස් කිහිපයක් කපා ඉවත් කිරීම සම්බන්ධව එම විද්‍යාලයේ විදුහල්පතිට ආදි සිසුන්ගේ දැඩි විරෝධය එල්ල කර තිබේ.
විද්‍යාලය ඉදිරිපිට පෝස්ටර් අලවමින් මෙම විරෝධය ඔවුන් පා ඇත. කොස්,අඹ වැනි වටිනා ගස් 41 ක් මෙලෙස කපා ඇති බව ආදි සිසුහු පවසති. මෙම ගස් කැපීම සම්බන්ධව ආදි සිසුන් හෝ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය දැනුවත් කර නොමැති බවද ආදි සිසුහු පවසති. මෙසේ කැපූ ගස් ලොරි හතකින් ප්‍රවාහනය කර ඇති බවද ඔවුහු පවසති.
හාලි ඇළ ප්‍රාෙද්ශීය ලේකම් නිරෝෂා හෙන්නායක මහත්මියගෙන් මේ සම්බන්ධව විමසු විට පවසා සිටියේ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට මෙම ගස් අවධානම් තත්වයේ පවතින බව පවසා පසුගිය දෙසැම්බර් මාසයේ මෙම ගස් කැපීම සදහා අවසර ලබා ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් අප විදුහල්පතිගෙන් මේ සම්බන්ධව විමසීමට උත්සහ කලද ඒ මහතා විදේශගත වී සිටීම හේතුවෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකි විය.
(චන්දන කුරුප්පුආරච්චි)