වැලිමඩ නුගතලාව ඉපැරණි දිවුරුම්පොල රජ මහා විහාරස්ථානයේ බෝධින් වහන්සේ කපා ලී ඉරීම සම්බන්ධව සැකපිට විහාරාධිපති පූජ්‍ය උණපානේ චන්ද්‍රවිමල නා හිමි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන මෙම විහාරස්ථානය රාමා සීති පුරා වෘත්තයේ සීතා දේවිය සිය පතිවෘත්තාව සනාථ කිරීම සදහා ගිණි මැලයට පැන ඒ හරහා ගමන් කල ස්ථානය බැව් ජනප්‍රවාදයේ සදහන් වේ. එම ස්ථානයේ වන්දනාමාන කරන අති පූජනීය ඉපැරණි බෝධීන් වහන්සේ මෙසේ කපා දැමීම පිළිබදව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
අද පස්වරුවේ විහාරස්ථානයට රැස්වූ සියගනනක් වූ දායකයන් තමන් සියවස් ගණනක් තිස්සේ වන්දනාමාන කල මෙම බෝධිය කපා දැමීමට එරෙහිව දැඩි විරෝධතාවයක නිරත වූ අතර දැඩි උණුසුම් කාරී තත්වයක් විහාරස්ථාන භූමියේ ඇති විය.
මෙහිදී යාන්ත්‍රික ඉරුම් උපකරණ රැසක් ද විහාරස්ථානයේ තිබී පොලිස් අත්අඩංගුවට පත් විය.
වැලිමඩ පොලිසිය මගින් මෙම ඓතිහාසික බෝධිය කැපීමට සම්බන්ධ අනික් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පරික්ෂණ ආරම්භකර තිබේ.මේ සිද්ධිය පිළිබද සැකකාර හිමිනම ප්‍රකාශ කර සිටියේ චෛත්‍යට හා විහාරස්ථානයට අනතුරු දායක නිසා බෝධිය කපා ඉවත් කල බවය.
විහාරස්ථානයේ දායකයන් ප්‍රකාශකරන්නේ කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ විහාරාධිපති ස්වාමින් වහන්සේ මෙම බෝධිය කපා ඉවත් කර ඇති බවය.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාර / ආර්.කෝගුලන් )