Home / Uncategorized / ලංගම පෞද්ගලික බස් ගැටෙති – හතරක් රෝහලේ

ලංගම පෞද්ගලික බස් ගැටෙති – හතරක් රෝහලේ

කැප්පෙටිපොල ඩිපෝවට අයත් ලංගම බස් රථයක හා බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක සේවකයන් අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිවු දෙනෙකු තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මෙම බස් රථ දෙකේ සේවකයින් වන අතර එයින් තිදෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් නික්ම ගොස් ඇත. ලංගම බස් රථයේ රිය සහයක ( කොන්දොස්තර ) මේ වන විටත් වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

රථ වාහන කාල සටහනට පරිභාහිරව ලංගම බස් රථයට මගීන් ප්‍රවාහනය කලේ යැයි දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යෑම හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බව මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිවී තිබේ.
( ආර්.කෝගුලන් )

F

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *