උමා ඔය බහු කාර්ය ව්‍යාපාරයෙන් පීඩාවට පත් වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ වල ගම්මාන රැසක ජනතාව උමා ඔය ව්‍යාපාරයේ පුහුල්පොල ජලාශය හා උමග ඉදි කරන ස්ථානය අවුරා විරෝධතාවයක නිරත විය.
මේ හේතුවෙන් පැය තුනකට අධික කාලයක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු නතර වු අතර දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ.
පවරාගත් ඉඩම් සදහා ප්‍රමාණවත් වන්දි නොලැබීම , ගල් වෙඩි දැමීම නිසා නිවාස විනාශ වීම , ජල උල්පත් සිදී යෑම හා පොරොන්දු වූ පොදු දේපල ඉදි කර නොදීම මෙම විරෝධතාවයට හේතු විය.
මෙම විරෝධතාවයේදී පොලිසිය හා ව්‍යාපෘති නිළධාරින් අතර විරෝධතාකරුවන් දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවිය.
මෙහිදී අදහස් දැක්වු විරෝධතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පුහුල්පොල නන්දරතන හිමියන් කියා සිටියේ පීඩාවට පත් වූ අයට සහනයක් ලැබෙන තුරු විරෝධතාවය අඛංඩව රැගෙන යන බවය.