හපුතලේ දඹේතැන්න වතු යායේ පදිංචි අට හැවිරිදි මන්ධ මානසික දරුවෙකුගේ හිස මතට මිරිස් ගලක් වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම දරුවා නිවසේ මුළුතැන් ගෙයි වූ මිරිස් ගල අසල සිටියදී මිරිස්ගල හිස මතට වැටී ඇත. අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර සදහා හපුතලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.අසාධ්‍ය තත්වයෙන් පසු වූ මෙම දරුවා එහිදී මිය ගොස් ඇතැයි වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධව හපුතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
( ප්‍රේමලාල් රත්නායක )