බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් (එජාප ) පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වරු ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක හා බදුල්ල දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
මෙහිදී ඇතිවූ විවිධ ගැටළු සදහා නිමල් සිරිපාල ද සිල්වා හා චමින්ද විජේසිරි යන මහත්වරුන් පිළිතුරු සැපයූ අතර අවසානයේ ක්‍රියාත්මක වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අදහස බැව් පවසා මෙම ගැටුම ඇති විය.
මෙහිදී දැඩි ආවේගයෙන් කථා කල චමින්ද විජේසිරි මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතාට කියා සිටියේ ඔබ තුමාට වගේම අපි තුන් දෙනාටම සම සභාපති වරු ලෙස බලය තියෙනවා. කාගේ තීරණත් ක්‍රියාත්මක කරන්න ඕනි. 25 වෙනිදා මේ රැස්වීම තියෙනවා කියලා මට දැනුම් දුන්නේ නෑ. ඔබ තුමාට ඕනි හැටියට තමයි තීන්දු තීරණ ගන්නේ. යහ පාලනය ගේන්න කටයුතු කලේ අපි. දැන් ඇවිල්ලා මේවා අවුල් කරනවා කියා දැඩි ලෙස කියා සිටියේය.
මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ ඔයාම රැස්වීම කර ගන්න අපි යන්නම් කියාය.
මෙහිදී ඇතිවූ වාග් සංග්‍රාමය පාලනය කිරීමට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා දැඩි පරිශ්‍රමයක නිරත විය. අනතුරුව රැස්වීමේ කාලය නිමා වී ඇතැයි කියා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රැස්වීමෙන් පිටව ගියේය.