ඇල්ල විද්‍යාලය අසල අද ( 25) අළුයම වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙක් මිය ගොස් පස් දෙනෙකුට බරපතල තුවාල සිදුවී ඇත.
අඩි 50 ක පමණ ප්‍රපාතයකට මෙම වෑන් රථය පෙරලී ඇති අතර අනතුර සිදුවන විට වෑන් රථයේ දොලොස් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සදහා බදුල්ල මහා රෝහලට ඇතුලත් කර ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක පුද්ගලයෙකි.
මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මීගමුව ප්‍රෙද්ශයේ පදිංචි පිරිසකි. බණ්ඩාරවෙල සිට මීගමුව බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරික්ෂණ සිදු කරති.
(පි.නවරාජ්කුමාර්)