මැයි පළමුවනදා පවත්වන ලෝක කම්කරු දින රැළිය සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ බහුතරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කිරුළපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට නියමිත බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් පමන පවතින අතර මෙම ආයතන නියේජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ගෙන් 95% ක්ම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වීමට මේ වන විට සංවිධානය වෙමින් පවතී.
හාලිඇල , බදුල්ල හා වියළුව ආසන වල යම් ප්‍රමාණයක් පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගී වීම අඩු විය හැකි අතර එයට හේතු වී ඇත්තේ එම ප්‍රෙද්ශවල ආසන සංවිධායක වරුන් වන්නේ ආණ්ඩුව නියෝජනය කරන ඇමති වරුන් වන නිසාය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රිලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියොජිතයෙකු පැවසුවේ පක්ෂයෙන් මොන පරික්ෂණ ආවද ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සියල්ල සහභාගී වීම අනිවාර්ය බවය.