රතුගල ආදී වාසීන් හා පොලිසිය අතර පසුගිය දා රතුගල ආදීවාසී නායකයාගේ නිවසේ ඇතිවූ ගැටුම පිළිබදව තමන් පරික්ෂනයක් කල බවත් දෙපාර්ශවයේම වැරදි ඇති නිසා සාමදාන වීමට හැකිබවත් වැදිනායක ඌරුවරිගේ වනනිලා ඇත්තෝ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.
පසුගියදා රතුගල ආදිවාසී නායකයාගේ නිවසේ පැවති සාදයක් අවස්තාවේදී පොලිසිය හා ආදී වාසීන් අතර ඇතිවූ ගැටුමේදී දෙපාර්ශවයම තුවාල ලබා තිබිනි.
පොලිසියද සිද්ධිය පිළිබදව සාමාදාන වීමට කැමති වූ බව ප්‍රකාශ කල ඌරුවරිගේ වන්නිලා ඇතිතෝ මෙවැනි දේ ඉදිරියට නොවන්නට වග බලා ගන්නා ලෙස අදාල වැදි ජනතාවටද උපදෙස් ලබා දුන් බව වැදි නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
( ප්‍රේමලාල් රත්නායක )