Home / Stories / ඌවේ මල් වගා කරුවෝ ගැටළු රැසක ( photos)

ඌවේ මල් වගා කරුවෝ ගැටළු රැසක ( photos)

ඌවේ විසිතුරු මල් හා මල් පැල වගා කරුවෝ ගැටළු රැසක් උද්ගත වීම නිසා දැඩි පීඩාවට පත් වී තිබේ.

බණ්ඩාරවෙල , ඇල්ල , වැලිමඩ , ඌව පරණගම ආදී ප්‍රෙද්ශවල මල් වගා කරුවන් ප්‍රකාශ කරන්නේ නිෂ්පාදන මිල ඉහල යෑම සහ අලෙවියේදී අතරමැදියන්ගේ ග්‍රහනයට ලක් වීම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බවය.

කැප්පෙටිපොල වාර්ෂික මල් අලෙවි පොලේදී අප සමග අදහස් දැක්වූ මල් වගා කරුවෙකු වූ ලසන්ත රුවන් මහතා ප්‍රකාශ කර සිටියේ රසායනික පොහොර මිල ඉහල යෑම නිසා මල් වගාවට යොදන පොහොර වර්ග වල මිලද ඉහල ගොස් ඇති බවය. ග්‍රරෑම් 250 ක මල් පොහොර පැකැට්ටුවක් රුපියල් 140 ක් වන බව පැවසූ රුවන් මහතා දිනකට සාමාන්‍ය මල් වගාවකට මෙවැනි පැකැට් 4 ක් පමණ අවශ්‍ය බව කීය.

පොලිතීන් මිල අධික ලෙස ඉහල යෑමද මල් වගා කරුවන් මුහුණ දෙන තවත් ගැටළුවකි. මල් පැල පැකැට් සහ ආවරණ සදහා පොලිතීන් යොදා ගනිති.

බොහෝ මල් වගා කරුවන් හට ප්‍රධාන මාර්ගය අභියස ඉඩම් නොමැත. ගම්මානයේ සිට මල් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වලට අලෙවි කිරීම සදහා ප්‍රධාන මාර්ගය අභියසට රැගෙන ආ යුතුය.ගම්මාන වලට මල් පැල මිලදී ගැනීමට පැමිණෙන අතර මැදි වෙළෙදුන් අඩු මිලට තම නිෂ්පාදන මිලදී ගනිමින් තමන් සූරා කෑමට ලක් කරන බැව් මල් වගා කරුවෝ කියයි. උඩරට එළවළු නිෂ්පාදනය අතරමැදියන්ගේ ග්‍රහනයට නතු වී ඇති සේ මේ වන විට විසිතුරු මල් වගාවද නතු වී ඇතැයි වගා කරුවෝ චෝදනා නගති.

ප්‍රෙද්ශයේ පවුල් දහස් ගනනකගේ ජීවන වෘත්තිය වන මල් වගාව නගා සිටුවීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි ඌවේ මල් වගා කරුවෝ කියති.
( ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන් )

1

2

3

4

5

6

7

8

9

10

About premalal

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *