වැලිමඩ අඹගහකුඹුර ප්‍රෙද්ශයේ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා සුදු සදුන් ගස් හතරක් කැපුවේ යැයි සැකකරන පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශයේ හාලි නැමති නිළ සුනඛයා යොදවා අල්ලාගැනීමට වැලිමඩ පොලිසිය සමත් වී තිබේ.
සැකකරු ප්රෙද්ශවාසියෙකු වන අවුරුදු 42 ක පුද්ගලයෙකු වන අතර නිල සුනඛයා සදුන් ගසු කැපූ ස්ථානයේ සිට ඉව කර ඊට මීටර් 500 ක් පමණ දුරින් තිබූ සැකකරුගේ නිවසට ගොස් සැකකරු අල්ලා තිබේ.
පොලිස් ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබද වැලිමඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )