නව අවුරුදු නිවාඩු දින උදා වීමත් සමග මේ වන විට හග්ගල උද්භිද උද්්‍යානය දේශීය සංචාරකයින්ගෙන් පිරී පවතී.
උද්්‍යානය අවට විශේෂ රථ වාහන සැලැස්මක් හා පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ. ඉදිරි දින කිහිපය තුලදී උද්්‍යානය නැරඹීමට පැමිනෙන සංචාරකයින් තවත් ඉහල යනු ඇතැයි අපේක්ෂිතය.
උද්්යාන භාර කරු සාගර පියසේන මහතා කියා සිටියේ පැමිණෙන ඇතැම් සංචාරකයින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය බැහැර කර මේ වන විට උද්්‍යානය අපවිත්‍ර කර ඇති බවත්ය. මෙම ස්ථානයේ සුන්දර පරිසරයට හානි නොකර සුන්දරත්වය විද ගැනීමට පැමිණෙන සංචාරකයින් කටයුතු කල යුතුව ඇතැයි සාගර පියසේන මහතා වැඩි දුරටත් බදුල්ල නිවුස් සමග පැවසීය.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ / ආර්.කෝගුලන් )