බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ පාර ඔත්තේ කඩේ 13 වන කිලෝමීටර් කණුව අසලදී අද අළුයම 1 ට පමණ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
බලංගොඩ ප්‍රෙද්ශයේ සිට බණ්ඩාරවෙල ප්‍රෙද්ශයට පැමිණීමේදී රියදුරාහට නින්ද යෑමෙන් මීටර් 60 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.මෙසේ මිය ගොස් ඇත්තේ බණ්ඩාරවෙල අඹගහකදුර ප්‍රෙද්ශයේ පදිංචි විසිදෙවන වියේ පසුවන එන්.ටී.එස්.සිසුවියක් වන අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇගේ මව සහ සොහොයුරා බදුල්ල සහ දියතලාව රෝහල් වලට ඇතුලත් කර තිබේ.