Home / Uncategorized / family farm කාබනික පොහොර හා දියර පොහොර පෙරටම

family farm කාබනික පොහොර හා දියර පොහොර පෙරටම

වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ සරත් විමලවීර මහතා විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර හා දියර පොහොර නිෂ්පාදන වැඩසටහන මේ වන විට ඌවේ ගොවීන් අතර ප්‍රචලිත වෙමින් පවතී.

මීට මාස හයකට පමණ පෙර රාජ්‍ය ආයතන රැසකගේ සහයෝගය ඇතිව මෙම කාබනික ව්‍යාපෘතිය ආරම්භ කල අතර මේ වන විට මෙම කාබනික පොහොර සහ දියර පොහොර වල ප්‍රමිතිය ඉහල බැවින් ඉතා කෙටි කලක් තුල ගොවීන්ගේ විශ්වාසය දිනා ගෙන තිබේ.

සරත් විමලවීර මහතා ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමේදී බොහෝ කාබනික පොහොර නිෂ්පාදකයන් තමන් හට මෙම නිෂ්පාදන පිළිබද අවබෝධයක් ලබා නොදුන් බවය. තම පවුලේ සමාජිකයන්ගේද සහයෝගය ඇතිව ස්වඋත්සහයෙන් මේ පිළිබදව හදාරා මේ වන විට තමන් හට උසස් තත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකිවූ බවය.

ඔහු විසින් ඔහුගේම නිෂ්පාදනයක් ලෙස කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කර ඇති අතර එය කෘමිනාශකයක් හා දියර පොහොරක් ලෙසද භාවිතා කිරීමට හැකිය. ඒ සදහා තම කිරි ගොවිපලෙන් විශාල පිටුවහලක් ලැබෙන බැව් ඔහු කියති. කාබනික පොහොර නිෂ්පාදනය සදහා තමන් හට ප්‍රමාණවත් ඉඩකඩ පහසුකම් නොමැති බව පවසන සරත් මහතා ඒ සදහා බලධාරීන් මැදිහත් වී යම් සහනයක් ලබා දෙන්නේ නම් කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය තවත් ඉහල නැංවිය හැකි බව කියති. මේ වන විට ඉඩ පහසුකම් මද බැවින් ඔහු කාබනික පොහොර නිෂ්පාදනය කරනුයේ ප්‍රෙද්ශයේ පොදු සුසාන භූමිය තුලය.

වස විසෙන් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ඇති බව පවසන සරත් විමලවීර මහතා තව තවත් කාබනික ද්‍රව්‍ය වගාවන් සදහා යෙදවීමට ගොවීන් පෙළඹවීම තම එකම අරමුණ බව කියති.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )
1

2

3

4

5

6

8

9

10

11

12

13

14

15

16

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *