Home / Articles / විහාර බිතු සිතුවම් අදින පාසල් සිසුවා

විහාර බිතු සිතුවම් අදින පාසල් සිසුවා

වර්තමාන පරපුර යොමු නොවන ක්ෂේත්‍රයකට යොමු වී වැලිමඩ දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ බිති සිතුවම් නිර්මාණයේ නිරත වන පාසල් සිසුවෙකු අපහට හමුවිය. බණ්ඩාරවෙල බ/ධර්මපාල විද්‍යාලයේ 13 වසරේ ඉගෙනුම ලබන අෂාන් ඉසුරංග පෙරේරාගේ විශ්මිත බිති සිතුවම් වලින් දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ විහාර ගෙය අලංකාර වෙමින් පවතී.

වැලිමඩ පරණ පොලිසිය අසල පදිංචි අශාන් මෙසේ අදහස් දැක්වීය.
මම ධර්මපාල විද්‍යාලයේ 13 වසරේ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා. සහෝදරියක් මට තව සිටිනවා. අම්මා බොරගස් විද්‍යාලයේ පාසල් ගුරුවරියක් ලෙස සේවය කරනවා. මම කුඩා කල පටන් චිත්‍ර වලට ආසයි. ඒ සහජ හැකියාව ටික ටික දියුණු කර ගෙන තමයි බිති සිතුවම් අදින්න යොමු උනේ. මීට පෙර දියතලාව මූලික රෝහලේ චිත්‍ර ඇන්දා. අනතුරුව දිවුරුම්වෙල විහාරස්ථානයේ සීතා කෝවිල සිතුවම් කරලා පිළිම ආලේපන කටයුතු කලා. පසුගිය අගෝස්තු මාසයේ තමයි විහාර ගෙය සිතුවම් කිරීම ආරම්භ කලේ.

අශාන්ගේ බිතුසිතුවම් කලාව දුටු විට ඉපැරණි සිතුවම් කලාව සැමටම සිහිවේ. බුදු සිරිතේ විවිධ අවස්තා ඉතාමත්ම අපූර්ව ලෙස අශාන්ගේ තෙළි තුඩින් දිවුරුම්වෙල පුරාණ රජ මහා විහාරස්ථානයේදී මේ වන විට හැඩවෙමින් පවතී.

අශාන් බදුල්ල නිවුස් සමග අවසානයේ මෙසේ පැවසීය
මේ සිතුවම් කලාව මම ඉතාමත්ම සතුටින් කරන්නේ. මගේ මේ කටයුතු සදහා මගේ ගෙදර අය ගොඩක් උදව් කරනවා. මගේ එකම බලාපොරොත්තුව උසස් පෙළ විභාගය හොදට පාස් වෙලා කතිකාචාර්ය වරයෙක් වෙන එක වගේම මේ සිතුවම් කලාවේ දිගටම නිරත වන එකයි. ඉඩ ලැබෙන හැම අවස්තාවකම විහාරස්ථාන වල සිතුවම් කලාවේ නිරත වන්නට මම බලාපොරොත්තු වෙනවා. මගේ මේ හැකියාව වර්ධනය කර ගන්න දෙස් හෝ විදෙස් පුහුණුවක් ලබා ගන්න කවුරු හරි ශිෂ්‍යත්වයක් ලබා දෙනවානම් ඒක මම ගොඩක් අගය කරනවා.

(ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )

1

2

3

5

6

7

About premalal

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *