මෙවර වසන්ත සමය වෙනුවෙන් මේ වන විට ඌවේ විසිතුරු මල් වගා කරණ මල් වගා කරුවෝ ලහි ලහියේ සූදානම් වෙති.
වැලිමඩ , කැප්පෙටිපොල , බණ්ඩාරවෙල ආදී ප්‍රෙද්ශ වල මල් වගා කරුවෝ විසිතුරු මල් හා මල් පැල වර්ග අලෙවිය සදහා මේ වන විට සූදානම් කරමින් සිටී.
එළබෙන වසන්ත සමය වෙනුවෙන් අප්‍රේල් මස අවසානය දක්වාම දේශීය සංචාරකයන් සදහා මල් පැල හා මල් වර්ග අලෙවි කිරීමට හැකිබැව් මල් වගා කරුවෝ කියති. වර්ෂයේ මල් සදහා ඉහලම ඉල්ලුමක් පවතින්නේ අප්‍රේල් මාසයේදීය.