බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී ජර්මන් ජාතික කාන්තාවකගෙන් මුදල් සොරාගත් පාසල් සිසුන් තිදෙනා හා තරුණයා ඇප පිට නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රත් වරයා නියෝග කලේය.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදි සංචාරයට පැමිණි ජර්මන් ජාතික යුවලකගේ ගමන් බෑගයේ තිබූ රුපියල් 19600 ක මදල හා යූරෝ 50 ක මුදලක් සොරා ගැනීම සම්බන්ධව මෙම සැකකරුවන් තිදෙනා බණ්ඩාරවෙල වෙළද මධ්‍යස්ථානය තුලදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබිනි. නඩුව මේ මස 25 වන දින යලි කැදවීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.