උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල සිට හපුතලේ දක්වා කොටසේ බිම් ගෙවල් වල පිහිටි වැහිලිහිණි කූඩු සංවිධානාත්මක පිරිස් විසින් කඩා තරුපහේ හෝටල් සදහා අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තාවේ.
විශේෂයෙන් ඕහිය සිට ඉදල්ගස්හින්න දක්වා කොටසේ මෙම ජාවාරම බහුලව සිදුවන බව ප්රෙද්ශවාසීහු කියති. මෙසේ කඩා ගන්නා වැහිලිහිණි කූඩු තරුපහේ හෝටල් වල සුප් වර්ග සෑදීම සදහා ඉහල මිළ ගණන් වලට අලෙවි කරති.
පරිසර වේදීහු ප්රකාශ කරන්නේ වැහිලිහිණියාගේ ජීවන චක්රය විනාශ කරන වැහිලිහිණි කූඩු කැඩීමේ මෙම සංවිධානාත්මක ජාවාරම මැඩලීමට බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවය.