Breaking News
Home / News

News

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ධූරය ලබා ගැනිම සදහා මේ වන විට සිතල යුද්ධයක් ආරම්භව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ඡන්ද 2136 ක් ලබා ගනිමින් ඔවුන්හට මෙම මන්ත්‍රිධුරය හිමිවු අතර මෙම මන්ත්‍රි ධූරය ලබා ගැනිමට අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත්වු හිටපු ...

Read More »

බොරලන්ද ගම්බැද්දේ වෙළද සැලකට ගිණි (photos)

1 (1)

වැලිමඩ බොරලන්ද ගම්බැද්ද විහාරස්ථානය ආසන්නයේ වු වෙළද සැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ ( 10 දා ) රාත්‍රියේදී ගිණි තබා තිබේ. මෙම ගිණි ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් වෙළද සැලට සිදුව තිබේ. වෙළද සැලේ හිමිකරු බදුල්ල නිවුස් වෙත ප්‍රකාශ කර සිටියේ තමන් රාත්‍රි 11ට පමණ වෙළද සැලේ සිට නිවස ...

Read More »

ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් මහියංගණයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

2017-02-06

මෙවර මහියංගණය ප්‍රදේශීය සභා මැතිවරණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂයකන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ප්‍රදේ්ශයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු ලෙසටද වාර්ථා වෙයි. පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් තම දියණිය තනිවම නිවසේ සිටින අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා තම ...

Read More »

ඩොලර් කාක්කන්ට එරෙහිව මාධ්‍යවේදින් පාරට බසී ( photos & video )

8

බදුල්ල විදුහල්පතිනියගේ සිද්ධියේදී බලහත්කාරයෙන් ප්‍රකාශගත් බවට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මාධ්‍ය වේදින් තිදෙනෙකු හට අභූත චෝදනා කිරීමට එරෙහිව ඌවේ මාධ්‍ය වේදින් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. කිර්ති තෙන්නකෝන් නැමති රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු අභූත චෝදනා කරමින් අහිංසක මාධ්‍ය වේදින් හට තම රාජකාරියට බාධා කරමින් හිරිහැර කරදර කරන ...

Read More »

වයෝවෘද්ධ මව දරුවන් විසින් පොලිසියට ගෙනවිත් දමයි _ දරුවන් ගෙන යන්න බැහැ කියයි (Photos)

10

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි වයෝවෘද්ධ මවක් වැලිමඩ පොලිස් ස්ථානයට ගෙනවිත් දමා ඇය රැගෙන ගොස් රැකබලා ගැනීමට නොහැකි බව පවසා ඇගේ දියණිය , පුත්‍රයා සහ ලේලිය පොලිස් ස්ථානයේදී දැඩිය පැවසුහ. මෙම තිදරු වයෝවෘද්ධ මව අසනීපව පසුවන අතර ඇය මීට මාස කිහිපයකට පෙර සිය දියණිය ලග සිට ඇති අතර පසුව ...

Read More »

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතියි

3-.-Uma-oya-Wedabima-2-2

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාල උමං මාර්ගයේ ඇතිවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නවතා දැමීමට හැකිවී ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේඛම් අනුර දිසානායක මහතා පවසයි. ඒ අනුව උමං මාර්ගය තුලට ජලය කාන්දුවීම ක්‍රමයෙන් අඩුවී ඇති බවත් ජලය කාන්දු වූ ස්ථාන බදාම ආලේප කොට වසා දමා ඇති බවත් ...

Read More »

වැලිමඩට කුඩු බෙදූ කත මාට්ටු

gh

දීර්ග කාලයක් තිස්සේ වැලිමඩ ප්‍රදේශයට හෙරොයින් අලෙවි කල කාන්තාවක් වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාල සැකකාරියගේ වැලිමඩ නියදගලපතන ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදි මුලින් පැකැට් 16 ක අසුරා තිබු හෙරොයින් මිලිග්රෑම් 2450 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. දෙදරු මවක් වන අදාල සැකකාරියගෙන් පොලිසිය කල ප්‍රශ්ණ ...

Read More »

උමා ඔය නඩුව කල් යයි

Uma_Oya_01_lg

පසුගිය රජය සමයේ ඇරඹි මේ වන විට විශාල පරිසර විනාශයකට හේතුවී ඇති උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා සංවිධානයේ කැදවුම්කරු සහ බදුල්ල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම සංවිධානයේ ක්‍රියාකාරීන් වන වසන්ත සංජීව හා එච්.එන්.බෝධිපාල යන මහත්වරුන් විසින් බදුල්ල මහාධිකරණයේ පවරා තිබූ නඩුව පිලිබදව විභාගය 2018 ...

Read More »

නිධන් සෙවූ 8දෙනෙක් රිදීමාලියද්දේදී අත්අඩංගුවට

ඡායාරූපය සිදුවීමට අදාල නොවේ.

මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශීය ලේඛම් බල ප්‍රදේශයේ ඔලගන්ගල ආරණයට අයත් ඔලගන්ගල රක්ෂිතයට ආසන්න ස්ථානයක නිධන් ලබාගැනීමේ අරමුණින් පොළව කණිමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රිදීමාලියද්ද පොලීසිය කටයුතු කර ඇත. රිදීමාලියද්ද,බදුරලිය හා කඩවත ප්‍රදේශවලින් රීදීමාලියද්දේ පහළ ඔයගහ,ගල්යාය හා හෑපොල පැරණි සොරොව්ව යන ස්ථාන වලට පැමිණ ඇති මෙම සැකකරුවන් ගල්වෙඩි ආධාර කරගනිමින් ...

Read More »

වැලිමඩ නගරයේදී බාලවයස් කාරියන් දෙදෙනෙකු සමූහ ලිංගික අතවරයකට

g

වැලිමඩ නගරයේදී රාත්‍රියේදී බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු සමූහ ලිංගික අතවරයකට ලක් කිරීම පිළිබධව වැලිමඩ පොලිසිය මගින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ. වයස අවුරුදු 14 සහ 15 පසුවන මෙම දැරියන් දෙදෙනා වැලිමඩගම ප්‍රදේශයේ පදිංචි කාරියන් වන අතර සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 19 _ 20 පසුවන තරුණයන් සිව් දෙනෙකු මේ වන ...

Read More »