Breaking News
Home / News / බොරලන්ද ගම්බැද්දේ වෙළද සැලකට ගිණි (photos)

බොරලන්ද ගම්බැද්දේ වෙළද සැලකට ගිණි (photos)

වැලිමඩ බොරලන්ද ගම්බැද්ද විහාරස්ථානය ආසන්නයේ වු වෙළද සැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ ( 10 දා ) රාත්‍රියේදී ගිණි තබා තිබේ.

මෙම ගිණි ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක පමණ අලාභයක් වෙළද සැලට සිදුව තිබේ. වෙළද සැලේ හිමිකරු බදුල්ල නිවුස් වෙත ප්‍රකාශ කර සිටියේ තමන් රාත්‍රි 11ට පමණ වෙළද සැලේ සිට නිවස වෙත ගොස් ඡන්ද ප්‍රතිඵල නරඹමින් සිටි බවත් අද පෙරවරු 7 ට පමණ නැවත වෙළද සැල වෙත පැමිනි විට මෙලෙස ගිණි තබා ඇති බව දුටු බවත්ය. තමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන්ට පක්ෂව කටයුතු කරන අයෙකු බව ප්‍රකාශ කල වෙළද සැල් හිමිකරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පොදු ජන පෙරමුනේ දැවැන්ත ජයග්‍රාහණය නිසා කිසියම් පිරිසක් විසින් ඔවුන් ලද පරාජය ඉවසා ගැනීමට නොහැකිව මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇති බවට තමන් සැක කරන බවයි.

සිද්ධිය සම්බන්ධව දියතලාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරති.

1 (1)

1 (2)

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *