Breaking News
Home / Stories / ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට

ලක්ෂ 5ක බුරුත කදන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු බුත්තලදී අත්අඩංගුවට

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් ඌව පැල්වත්ත බුබුල ප්‍රදේශයේදි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් බුරුත කඳන් තොගයක් සමග සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට බුත්තල පොලිස් නිලධාරිහු පිරිසක් අද (01)අලුයම සමත්වුහ.

ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදුකල ක්ෂණික මෙහෙයුමකදි ඡනාවාස 01 ප්‍රෙද්ශයේ බුබුල රක්ෂිතයෙන් කැපු බුරුත දැව කඳන්  ලොරි රථයකට පටවා ඒවාට ඉහලින් දහයියා පිරවු කවර අතුරා ඒ අතර සහල් ගොනිද දමමින් සිටියදි මෙම ඡාවාරම කොටුකර ගැනිමට පොලිසියට හැකිවී ඇති  අතර  වැටලිමෙදි ලොරි රථයේ රියදුරු ඇතුලු සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගන්නාලදි .මෙසේ අත්අඩංගුවට ගත් දැව කඳන් තොගය  මඩකලපුව ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු යොදමින් සිට ඇති අතර අත්අඩංගුවට පත් ලොරි රථය නැගෙනහිර පළාතට අයත් එකක් බවත් එහි වර්තමාන අයිතිකරුවා බන්ඩාරවෙල අයෙකු බවත් පොලිසිය සිදුකල මුලික පරිකෂණ වලදි අනාවරණය වි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන්  මොනරාගලඡේෂ්ඨ පොලිසි අධිකාරි සුඡිත් වෙදමුල්ල මහතාගේ නියෝගයෙන් ස්ථානාධීපති ප්‍රධාන පොලිසි පරික්ෂක රැවන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් පරික්ෂණ පවත්වති.

ඡායාරූප මූලාශ්‍රය - දිනමින
ඡායාරූප මූලාශ්‍රය – දිනමින

 

About mithilaya

Check Also

මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

  මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *