Breaking News
Home / Stories / ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්‍රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.

ඇල්ල ප්‍රදේශයේ පානීය ජල මුලාශ්‍රවලින් 90%ක් අපවිත්‍ර වී ඇති බවට චෝදනා.

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.
ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්  බල ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්‍රවලින් 90% ක ආසන්න ප්‍රමාණයක් අපවිත්‍ර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා   එවැනි ජල මුලාශ්‍ර ඇති ප්‍රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්‍රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත.

බොහෝ විට මෙම ජලය අපවිත්‍ර වීමට හේතූන් වශයෙන් ජල සැපයුම් ප්‍රදේශවලට ඉහතින් පිහිටා ඇති ගවමඩු, වැසිකිලිදක්වන අතර බොහෝ විට ජලය අපවිත්‍ර බවට පත්වන්නේ රක්ෂිත ඉඩම්වල වතු සේවකයින් විසින් ගවමඩු සහ වැසිකිලි පවත්වාගෙන යාම හේතුවෙන් බවත් පෙනවා දෙයි.

මෙම ගැටළුවට එක් පිළියමක් වශයෙන් දෙමෝදර ජල යෝජනා ක්‍රමයෙන් පානීය ජලය සැපයීම ඉදිරියේදී ක්‍රියාත්මක වන බැවින් ස්වාභාවිකව ගලා එන ජලය සහ ළිං ජලයට අමතරව පිරිසිදු කළ ජලය ලබා ගැනීමට හැකිවෙතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා මෙහිදී පවසා ඇත

 

About mithilaya

Check Also

මොනරාගල බස්කප්පම් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

  මොනරාගල දිස්ත්‍රික්කයේ ධාවනය වන දුර ගමන් හා කෙටි දුර ධාවන සේවා බස්රථවලින් කප්පම් ගන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *