Breaking News
Home / News / වයෝවෘද්ධ මව දරුවන් විසින් පොලිසියට ගෙනවිත් දමයි _ දරුවන් ගෙන යන්න බැහැ කියයි (Photos)

වයෝවෘද්ධ මව දරුවන් විසින් පොලිසියට ගෙනවිත් දමයි _ දරුවන් ගෙන යන්න බැහැ කියයි (Photos)

වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි වයෝවෘද්ධ මවක් වැලිමඩ පොලිස් ස්ථානයට ගෙනවිත් දමා ඇය රැගෙන ගොස් රැකබලා ගැනීමට නොහැකි බව පවසා ඇගේ දියණිය , පුත්‍රයා සහ ලේලිය පොලිස් ස්ථානයේදී දැඩිය පැවසුහ.

මෙම තිදරු වයෝවෘද්ධ මව අසනීපව පසුවන අතර ඇය මීට මාස කිහිපයකට පෙර සිය දියණිය ලග සිට ඇති අතර පසුව ඇය මවට සැලකීමට නොහැකි බව පවසා සමියා හැර ගොස් ( මෙම වයෝවෘද්ධ කාන්තාවගේ පුතා ) දරුවන් සිව් දෙනෙකු සමග ගම්පොල ප්‍රදේශයේ පදිංචි ඇගේ ලේලියගේ නිවසට වාහනයකින් ගෙන ගොස් දමා තිබේ. පසුව ලේලියද ඇයට සැලකීමට නොහැකි බව පවසා මෙම වයෝවෘද්ධ කත වැලිමඩ පොලිසියට ගෙනවිත් තිබේ.

පොලිසිය වයෝවෘද්ධ කතගේ දියණිය , පුත්‍රයා සහ ලේලිය කැදවා ඇය භාර ගන්නා ලෙස පැවසුවත් කිසිදු අයෙකු ඇය භාර ගැනීම ප්‍රතික්ශේප කලේය.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ උපදෙස් පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යන්ශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරික්ෂිකා නිමේෂා තෙන්නකෝන් මහත්මිය අදාල වයෝවෘද්ධ කාන්තාවගේ දරුවන්ට උපදෙස් ලබා දී කරුණු පැහැදිලි කලද දරුවන් ඇය භාර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

මේ වන විට අදාල වයෝවෘද්ධ මව වැලිමඩ පොලිසියේ පොලිස් නිළධාරින්ගේ රැකවරණය හා සත්කාර මත සිටුනු දැක ගත හැකිය.මේ පිළිබධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි.

1

2

3

4

5

6

7

8

9

10

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *