Breaking News
Home / Articles / විදුලි බිල ගෙවූ බළංගොඩ මොරහැල ජනතාව කළුවරේ

විදුලි බිල ගෙවූ බළංගොඩ මොරහැල ජනතාව කළුවරේ

1476668482_3592114_hirunews_power

බළංගොඩ මොරහැල ප්‍රදේශයේ ජනතාව තමන් වෙත ලැබෙන විදුලිය වෙනුවෙන් වන විදුලි බිල මාස දෙකක කාලයක් තිස්සේ ගෙවා තිබියදීත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් තමන්ගේ නිවෙස් වල විදුලිය විසංදි කල බල එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරයි. මෙම ජනතාව තමන්ගේ විදුලි බිල සෑම මසකම මොරහැල උප තැපැල් කාර්යාලයට ගෙවන බවත් එසේ මුදල් ගෙවූ බවට වන රිසිට්පතක්  උප තැපැල් ස්ථානාධිපතිවරයා විසින් තමන්ට ලබාදී ඇති බවත් එම ජනතාව පවසයි.

22වනදා පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් නිවෙස් 15ක පමණ විදුලිය විසංදි කර ඇති අතර එම නිලධාරීන්ට විදුලි බිල ගෙවීම සම්බන්දයෙන් දැන්වූ අවස්ථාවේදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට එම ගෙවීම් ලැබී නැති බවයි. එමෙන්ම තමන් ගෙවූ මුදල් පිළිබදව මොරහැල උප තැපල්කාර්යාලයේ උපතැපැල් ස්ථානිධිපතිගෙන් මේ පිලිබදව විමසූ අවස්ථාවේ ඔහු විසින් ජනතාව විදුලි බිල සදහා ලබාදුන් මුදල් නැවත ලබා දී ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් එම මුදල් වෙනත් ස්ථානයකින් නැවත ගෙවූ පසු එම පවුල් 15 වෙතම එදිනම නැවත මුදල් ලබාදිමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.

About mithilaya

Check Also

Chamara-Sampath

මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද? – හිටපු මහ ඇමති

මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *