Breaking News
Home / Informations / ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රා:ලේ: කාර්යාලයෙන් වැඩසටහන් රැසක් (Photos)

ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රා:ලේ: කාර්යාලයෙන් වැඩසටහන් රැසක් (Photos)

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශරීර සුවතා සතියට සමගාමීව ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් චමිල ඉංදික ජයසිංහ මහතාගේ උපදෙස් මත ඌව පරණගම ක්‍රීඩා නිළධාරි ප්‍රසාද් විජේතුංග මහතා විසින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත. මේ යටතේ වෛද්‍ය සායන , ශරීර සුවතා වැඩසටහන් , දැණුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් මේ මස 07 වන දා සිට 16 වන දින දක්වා පැවැත්වේ.

මේ යටතේ රාජ්‍ය නිළධාරින් සදහා සංවිධානය කල වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග පිළිබදව දැණුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ ( 10 දා ) ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වින. මෙම වැඩසටහන ඌව පරණගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය හා එක්ව සංවිධානය කර තිබින.

මෙම සායනය වෛද්‍ය චින්තක විජේසූරිය මහතා ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් පැවැත්වූ අතර රාජ්‍ය නිළධාරින් රැසක් සායනය සදහා සහභාගී වි සිටියහ.

S3230002

S3230004

S3230005

S3230008

S3230010

S3230013

S3230015

S3230017

S3230021

S3230023

S3230026

S3230027

S3230029

S3230030

S3230032

S3230034

S3230035

S3230036

S3230037

S3230042

S3230045

(මංජුල සමින්ද )

About premalal

Check Also

S3330003

අතුරේගිය පරෙයිතොට ජනතාවට නව පාලමක් ( pohotos )

උමා ඔය හරහා පාලමක් නොමැතිව යකඩ පිහිල්ලකින් එතරවූ පවුල් 400 කට අධික ජනතාව සදහා රුපියල් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *