Breaking News
Home / Informations / බදුල්ලෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් නව දේශපාලන ගමනක් අරඹනවා _ ප්‍රතාප් ගජසිංහ

බදුල්ලෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් නව දේශපාලන ගමනක් අරඹනවා _ ප්‍රතාප් ගජසිංහ

මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය තුලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව දේශපාලන ගමනක් අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාකිත උපදේශක සභාවේ උපදේශකයෙකු වන ප්‍රතාප් ගජසිංහ මහතා බදුල්ල නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

img_0978

වැලිමඩ නැදුන්ගමුව පාර බෝගහකුඹුර යන ලිපිනයෙහි පදිංචි ප්‍රතාප් ගජසිංහ මහතා වෘත්තියෙන් විදුහල්පති වරයෙකු වන අතර 2006 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කලා උපාධිය ලබා ඇති අතර 2008 වර්ෂයේදී එම විශ්ව විදයාලයෙන්ම ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගෙන තිබේ.

සිය දේශපාලන ගමන පිළිබදවත් තම ජීවන තොරතුරු පිළිබදවත් ප්‍රතාප් ගජසිංහ මහතා අප සමග මෙසේ සංවාදයට එකතු විය.

මම මුලින්ම පොලොන්නරුව පලුගස් දමන ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. ඉන් පසු බෝගහකුඹුර මහා විද්‍යාලයෙන් උසස් පෙල දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පස්සේ තමයි විශ්ව විද්‍යාලයට ගියේ. 2008 උපාධි ගුරුවරයෙක් ලෙස ඌව පරණගම යාල ගමුව විද්‍යාලයට පත් වීම ලැබුනා. ඊට පස්සේ හල්දුමුල්ල කිරවනාගම විද්‍යාලයට වගේම වීරකෝන් ගම ප්‍රාථමික විද්‍යාලයේති ඉගැන්නුවා. පස්සේ නැදුන්ගමුව මහා විදුහලේත් ඉගැන්වීම් කටයුතු කලා. ක්‍රීඩා ගුරුවරයෙක් වගේම උසස්පෙල ගුරුවරයෙක් ලෙසත් දරුවන්ට උසස් ප්‍රතිඵල අත් කර දුන්නා. 2014 ඉදන් වැලිමඩ බ/ ඇල්ල විද්‍යාලයේ විදුහල් පති වරයා ලෙස කටයුතු කරනවා.

මගේ බිරිද තැපැල් ස්ථානාධිපතිනිය ලෙස බොරලන්ද තැපැල් කාර්යලයේ කටයුතු කරනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා.

img_0990

ප්‍රශ්ණය – ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ

මේක අහම්බෙන් සිද්ද වුන දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්තයා අපි බොරලන්ද හිංනාරංගොල්ල පන්සලට ගෙන්නුවා. එතන හිටිය සමහර අය මෙහි සංවිධාන කටයුතු බයේ දාලා ගියා. මම විහාරාධිපති හිමියන් සමග උර දී මහින්ද මහත්තයාව ගෙන්වන උත්සවය හොදට කලා. මහින්ද මහත්තයා ආරාධනා කලා වැලිමඩින් මට ඒකාබද්ධ විපක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න කියා. පස්සේ දිනේෂ් ගුණවර්ධන , ගීතාංජන ගුණවර්ධන මහත්වරුන් එක්ක එකතු වෙලා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජාතික මට්ටමෙන් දායකත්වය දක්වමින් සිටිනවා.

ප්‍රශ්ණය – ඔබ දේශපාලනය සදහා මහජන එක්සත් පෙරමුණ ප්‍රමුණ ඒකාබද්ධ විපක්ෂය තෝරා ගත්තේ ඇයි?

මේ රටේ කිසිදු චෝදනාවක් නැති දේශපාලනයක් තියෙන පක්ෂයක් තමයි මහජන එක්සත් පෙරමුණ. දිනේෂ් ගුණවර්ධන මහතා තමයි අද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුලින් විශාල කාර්ය භාරයක් මේ දූෂිත පාලනය වෙනුවෙන් ගෙනියන්නේ. ඉතිං මෙවැනි පිරිසිදු දේශපාල ව්‍යාපාරයක් තුලින් මගේ ගමන යන්න මම හිතුවා.

ප්‍රශ්ණය – බදුල්ල දිස්ත්‍රික්කය තුල ඒකාබද්ධ විපක්ෂයේ තත්වය කුමක්ද ?

මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වගේම වතු කම්කරු ජනතාව මේ යහ පාලන රජයෙන් දැඩි පීඩාවට පත් වෙලා ඉන්නේ . අද යහ පාලනයට අපේ ගම්වල ඡන්දය දුන්න මිනිහෙක් නැ. මිනිස්සු රැවටුනා. අපේ පක්ෂයේ දිස්ත්‍රික්කයේ නායකයෝ ඡන්දය අරන් මිනිස්සු රවට්ටලා වාසි වලට ගියා. බදුල්ලට ඔිනි බදුල්ලේ ඉපදුන අපේ මිනිස්සුන්ගේ හැගීම් දැනීම් දැනෙන දේශපාලන නායකයින්.

ප්‍රශ්ණය – ඔබගේ අනාගත අපේක්ෂාවන් කුමක්ද ?

පවතින ජනතා පීඩනය අනුව මේ ආණ්ඩුව රටේ වගේම බදුල්ලේ ජනතාවටත් තිත්තවෙලා තියෙන්නේ. මම දැන උගත්කම වගේම හොද පවුල් පසුබිමකින් දේශපාලනයට එන කෙනෙක්. අපි අපේ උපරිම ශක්තියෙන් ප්‍රදේශයේ අපේ මිනිස්සුන්ට පුළුවන් කාලේ උපරිම සේවයක් කරන්න ඔිනි. මම ගජසිංහ පදනම , මහජන සවිය වගේ මගේ ආයතන වලින් මේ වන විටත් ප්‍රදේශයේ ජනතාවටත් සේවයක් කරමින් ඉන්නේ. පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රදේශයේ සිංහල , දෙමළ හා මුස්ලිම් ජනතාවට ඒකාබද්ධ විපක්ෂය තුළින් උපරිම සේවයක් ඉදිරියේ සිදු කිරීම තමයි මගේ එකම අරමුණ හා බලාපොරොත්තුව.

img_1004

img_1001

img_1003

img_1006

img_0982

img_0983

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *