Breaking News
Home / Badulla Heritage / ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගත් කැප්පෙටිපොල ගවරම්මාන විල්සන් බංගලාව අද ශ්‍රී ලංකාව පුරා බෞද්ධ ප්‍රබෝධය පතුරවන ශ්‍රී පියතිස්ස පිරිවෙන් බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව තිබේ.

w

මෙම ස්ථානය පිළිබදව බදුල්ල නිවුස් වෙත අදහස් දැක්වූ උඩරට අමරපුර නිකායේ වැඩ බලන මහා නායක නුවරඑළියේ චන්ද්‍ර ජෝති හිමි

y

මෙම ස්ථානයේ සිංහල ප්‍රධානින් ආගිය තැනක් . 1815 උඩරට ගිවිසුමෙන් පස්සේ ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ඉහල ඌවේ සිංහල විමුක්ති සටන ආරම්භ වුනා. ඉංග්‍රීසිංගේ ඌව උප දිසාපති වුන ඩග්ලස් විල්සන් මෙම ස්ථානයේදින් තමයි යුධ කටයුතු මෙහෙයවූයේ. පස්සේ මෙතන විල්සන් බංගලාව නමින් ප්‍රසිද්ධ වුනා. ඌවේ පැරණිම තැපැල් කන්තෝරුව ආරම්භ වුනෙත් මෙතනින්. උඩරට පිහිටි ඉංග්‍රීසිංගේ ප්‍රධානතම යුධ මෙහෙයුම් මධ්‍යස්ථානය වුනේ විල්සන් බංගලාවයි.

b

විල්සන් බංගලාවේ පුරාවිද්‍යාත්මක වාස්තු ලක්ෂණ පිලිබදව චන්ද්‍ර ජෝති හිමියන් මෙසේ පැවසීය

භාහිරෙන් පේන්න තියෙන්නේ විල්සන් බංගලාවේ ගිණි උදුනේ දුම් කවුලුව විතරයි. වර්තමාන සංඝාවාසය තමයි විල්සන්ගේ නිළ නිවස. ඉතිරිව පවතිනවා ඇතුලේ ගඩොලින් නිම කල රවුම් ආරුක්කු , දැව මය සිවිලිම , කාමරය උනුසුම් කරන උදුන , වයින් රදවනය ආදී අංග රැසක් හමුවෙනවා.

o

p

විල්සන් බංගලාව බෞද්ධ අධ්‍යාපන ආයතනයක් බවට පත්වූ අයුරු අනුනායක හිමියන් මෙසේ කීහ

මේ බංගලාවේ වැදගත්ම ලක්ෂණය නම් බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පටන් අද දක්වාම නිත්‍යානුකූල ඔප්පු මෙහි ආරක්ෂා වී තිබීමයි. ලංකාවේ කිසිදු යුධ මධ්‍යස්ථානයක මෙහෙම නැහැ. 1948 නිදහසින් පස්සේ ඉංග්‍රීසින් විසින් හොරගොල්ලේ බංඩාරනායක පරපුරට තෑගි ඔප්පුවකින් මේ ස්ථානය පවරලා තියෙනවා. ඉන් පස්සේ අයිතිකරුවන් වෙනස් වෙලා 1957 දී යාපනයේ පදිංචි තෝමස් සවුන්දරනායගම් මහත්තයාට අයිති වෙලා තියෙනවා. එතුමා මේ ස්ථානය කතෝලික පාසලක් සදහා විකිනීමට කටයුතු කරලා තියෙනවා. මේක ආරංචි වුන නුවරඑළියේ විමලබුද්ධි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විදුරුපොල ධම්මානන්ද හා දික්කාපිටියේ නන්ද යන හිමිවරුන්ගේ අප්‍රතිහත ධෛරයේ ප්‍රතිඵලයක් ලෙස 1968 විල්සන් බංගලාව මිලදී ගෙන තියෙනවා.

m

s

f

d

k

j

h

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

S2360002

සංචාරකයින්ගෙන් සැගවුනු දොරොවනා ඇල්ල (PHOTOS)

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හලාඹ ප්‍රෙද්ශයේ සංචාරකයින්ගෙන් වසන් වුනු සුන්දර දිය ඇල්ලක් ලෙස දොරොවනා ඇල්ල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *