Breaking News
Home / Business / බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)

බීජ නැතුව ස්ට්‍රෝබෙරි ගොවියෝ ගැටළුවක ( PHOTOS)

යල් පැන ගිය ස්ට්‍රෝබෙරි බීජ භාවිතය නිසා තම වගාවන් වල අස්වනු අඩු වී ආදායම පහත වැටී ඇතැයි ඌවේ ස්ට්‍රෝබෙරි වගා කරුවෝ කියති.

ඌවේ ස්ට්‍රෝබෙරි වගාව වැලිමඩ සානුවේ බහුලව සිදුවන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයටත් වඩා ශ්‍රී ලංකාවේ උචිතම දේශගුණයක් ස්ට්‍රෝබෙරි වගාවට ඇත්තේ වැලිමඩ සානුවේ බව කියැවේ.

C

ස්ට්‍රෝබෙරි පැලයකින් වර්ෂ දෙකකට අධික කාලයක් අස්වනු ලබා ගත හැකි අතර මේ වන විට කිලෝ එකක මිල රුපියල් 1200 ක් පමණ ඉහල අගයක් ගනී.

E

ඕහිය ප්‍රෙදේශයේ ස්ට්‍රෝබෙරි වගා කරුවෙකු වන ධර්මදාස වීරසිංහ මහතා මෙසේ කීය.
‘ මම අවුරුදු 15 ක් තිස්සේ මෙම වගාවේ නියලෙනවා. අපට තියෙන ප්‍රධාන ගැටළුව දැන් භාවිතා කරන ස්ට්‍රෝබෙරි බීජ මීට අවුරුදු 12 කට පෙර භාවිතා කල යල් පැන ගිය බීජයි. මේවාගේ කාලය ඉකුත් වෙලා දැන් අස්වැන්න අඩුයි. ලෝකයේ ඉහල අස්වැන්නක් දෙන උසස් තත්වයේ වැඩි දියුණු කල බීජ දැන් තියෙනවා. මේ වගාව හොද ආදායමක් ලබා ගන්න පුළුවන් වගාවක්. අපට හොද බීජ දීලා මේ වගාව නංවන්න කෘෂි කර්ම බලධාරීන්ගේ උනන්දුවක් නෑ.

B

D

A

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්. කුමාරගේ )

About premalal

Check Also

J

වෙල්ලස්සේ lOVIN ටී ෂර්ට් නව මෝස්තර රැසකින්

මොනරාගල නගරයේ පිහිටි lOVIN ටීෂර්ට් හා ක්ර්ටන් ආයතනය මගින් මේ වන විට නව මෝස්තර රැසකින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *