Breaking News
Home / Citizen Page / බණ්ඩාරවෙලටත් ගුවන් තොටුපලක්

බණ්ඩාරවෙලටත් ගුවන් තොටුපලක්

ඌව පළාත තුළ සරල ගුවන්තොටුපලක් ඉදිකිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් 25 දා බදුල්ලේ දී පැවසීය.

ඒ බණ්ඩාරවෙල නගරයට ආසන්න මහඋල්පත සහ දකුණු කැබිල්ලවෙල ග්‍රාමසේවා වසම්වලට අයත් මහඋල්පාවත්ත – නායබැද්දවත්ත අතර ඉඩමකය.

මීට පෙර ගුවන්තොටුපළක් ඉදිකිරීම සඳහා හපුතලේ තොටලාගලවත්ත ප්‍රදේශය නිරීක්ෂණය කළ ද එහි නායයාමේ අවදානම හා අධිබලැති 33000 විදුලි කණු ඉවත් කිරීමේ අපහසුතාවය සැලකිල්ලට ගෙන එම අදහස වෙනස් කළ බවයි ඇමැතිවරයා කියාසිටියේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිකිරීමට යෝජිත ගුවන්තොටුපළ සඳහා ධාවන පථය මීටර් 1300ක් පමණ දිග බවත් එය බණ්ඩාරවෙල – කොස්ලන්ද මාර්ගයේ සිට කිලෝමීටර් 3.5ක දුරක පිහිටි ඉඩමක ඉදිකිරීමට යන බවත් මෙහි මගීන් 48කට යෑමට හැකි ගුවන් යානා ගොඩ බැස්සවීම හා පිටත්වීම සිදුකළ හැකි බවත් එම ගුවන්තොටේ සිට විනාඩි 30ක් ඇතුළත ලංකාවේ ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකි බවත් සඳහන්කළේය.

අදාළ වාර්තා හා ඇස්තමේන්තු ලබාගෙන මේ වසරේදී ගුවන්තොටුපළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

(ආර්. කෝගුලන්)

About premalal

Check Also

26 -

අධික ශීතලෙන් බදුලු බණ්ඩාරවෙල වගාවන්ට බලපෑම්

මේ දිනවල බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පවතින අධික ශීත කාලගුණයෙන් තේ වගාවන්ට නේම එළවළු වගාවන්ටත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *