Breaking News
Home / Badulla Heritage / සංචාරකයින්ගෙන් සැගවුනු දොරොවනා ඇල්ල (PHOTOS)

සංචාරකයින්ගෙන් සැගවුනු දොරොවනා ඇල්ල (PHOTOS)

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ හලාඹ ප්‍රෙද්ශයේ සංචාරකයින්ගෙන් වසන් වුනු සුන්දර දිය ඇල්ලක් ලෙස දොරොවනා ඇල්ල හැදින්විය හැක.

වැලිමඩ මස්පන්න මාර්ගයේ පැමින ඹබරපනේ මන්සන්ධියෙන් හැරී හලාඹ මාර්ගයේ ඇදදුමේ ප්‍රෙද්ශයේදී මේ සුන්දර දිය ඇල්ල හමුවේ. දිය ඇල්ල පිහිටි ප්‍රෙද්ශය තද බෑවුමක් සහිත වනාන්තරයක පිහිටා තිබීම නිසා ඇල්ල අසලට ගලා වීමට අපහසුය. නමුත් මාර්ගයට ඇල්ල හොදින් දර්ශනය වේ. අඩි සියයකට වඩා උස දොරොවනා ඇල්ල කොටස් දෙකකට කඩා වැටේ. මෙහි ජල පහර පහලින් ඇති උමා ඔයට එකතු වේ. මෙම ස්ථානයේ ඇල්ල අසල ලගා වීමට අපහසු ස්ථානයේ ඓතිහාසික උමගක් පවතින බැව් ප්‍රෙද්ශවාසීහු කියති.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )

S2360001

S2360002

S2360003

About premalal

Check Also

w

ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගත් කැප්පෙටිපොල ගවරම්මාන විල්සන් බංගලාව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *