Breaking News
Home / Badulla Heritage / විශ්මිත හලාඹ යකඩ පාලම ( PHOTOS )

විශ්මිත හලාඹ යකඩ පාලම ( PHOTOS )

ඌව පරණගම හා හාලිඇල මැතිවරණ කොට්ටාශ යා කරමින් ඉංග්‍රීසින් විසින් 1867 දී ඉදිකල හලාඹ යකඩ පාලම අපූර්ව නිර්මානයකි. අදටත් පාළු ප්‍රෙද්ශයක පවතින මෙම පාලම හලාවත ප්‍රෙද්ශයේ ඉදිකිරීමට තිබි නම මාරු වී එවකට හලාඹ ප්‍රෙද්ශයේ ඉදිකල බැව් ජනප්‍රවාදයේ කියැවේ.

දිගින් අඩි 700 ක් පමණ වන හලාඹ පාලම උමා ඔයට ඉහලින් උමා ඔයේ කළු ගලින් තැනූ විශාල බැමි තුනක් මත පිහිටා තිබේ. පාලම පියස්සක්ද සහිතව චතුරශ්‍රාකාරව නිමවා ඇත. පාලමේ පතුල ( ගමන් කිරීමට ඇති කොටස ) ලී පතුරු දමා ශක්තිමත්ව සකසා තිබේ. මෙම පාලම උමා ඔයේ සිට අඩි 50 ක් පමණ උසකින් නිම කර තිබේ.

ඉතා සුන්දර පරිසරයක පිහිටි හලාඹ පාලම විශ්මිත නිර්මානයකි.

හලාඹ පාලම නැරඹීමට පැමිනෙන සංචාරකයින් සදහා වැලිමඩ නගරයේ සිට ඌව පරණගම මස්පන්න මාර්ගයේ පැමිණ ඹබරපනේ මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් 07 ක් පමණ ගිය විට ලගා විය හැකිය. තවද හාලි ඇළ ජගුල්ල මාර්ගයේ ද පැමිණ ලගා වීමට හැක.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )

DSCF5444

DSCF5454

DSCF5466

S2360004

S2360005

S2360007

S2360008

S2360010

uvs160417-005

About premalal

Check Also

w

ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගත් කැප්පෙටිපොල ගවරම්මාන විල්සන් බංගලාව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *