Breaking News
Home / Badulla Heritage / වස බෝතල් නිසා වැනසෙන සුන්දර මානා ඇල්ල ( VIDEO )

වස බෝතල් නිසා වැනසෙන සුන්දර මානා ඇල්ල ( VIDEO )

ඌව පරණගම මැතිවරණ කොට්ටාශයේ ලූණුවත්ත නගරයට පැමිණ කිරවනාගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට සුන්දර මානා ඇල්ල හමුවේ. උමා ඔයේ ප්‍රධාන ශාඛාවක් වන හාල් ඔය කඩා හැලීමෙන් අඩි 60 ක් පමණ උස සුන්දර මානා ඇල්ල නිර්මාණය වී ඇත.

මානා ඇල්ල ඓතිහාසික අතිමුත් වැදගත්ය. ඒ ඇල්ල කඩා වැටීමට ඉහලින් පිහිටි ගල් තලාවේ නිර්මාණය කර ඇති නාන තටාකය හා ඉපැරණි වාරි අමුණ නිසාය. පිහිටි ගල් තලාවේ නාන බේසම් සහ පිහිලි නිර්මාණය කර ඇති අයුරු විශ්මිතය. ඉපැරණි වාරි අමුණ සදහා ගල් තලාව කපා සෑදු ඇල මාර්ගයේ නටඔුන් දැකිය හැකිය. නාන තටාකයට ඉහලින් කටාරම් කෙටූ ගලෙහි ආසනයක නටඹුන් පවතී. මෙහි ඉතිහාසය ක්‍රි:පු: 4 වන සියවසේ ඌව පාලනය කල මානාභරණ රජුගේ කාලය දක්වා දිව යයි.

මේ වන විට මේ සුන්දර ස්ථානය විනාශයට ලක් වෙමින් පවතී. ඇල්ලට ඉහලින් හාල්ඔය ආශ්‍රිතව උඩරට එළවළු වර්ග සහ අර්තාපල් වගා කරන ගොවීන් මෙම විනාශයට හේතු වී තිබේ. තම වගාවන් සදහා යොදන කෘෂි රසායනික වල හිස් බදුන් ඔවුන් හාල් ඔයට බැහැර කිරීම නිසා එම හිස් බදුන් දහස් ගණනක් හාල් ඔය ඉහල සිට ගසාගෙන ඇවිත් මානා ඇල්ලට ඉහලින් ඇති අමුණේ රැදී පවතී.

මේ හේතුවෙන් ඇල්ල අවට මෙන්ම සමස්ථ පරිසරයම හිස් කෘෂි රසායන බදුන් හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් උද්ගත වී තිබේ. මෙම විනාශය වලක්වාලන්නට මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි.

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

w

ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය වූ විල්සන් බංගලාව ( photos )

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් යොදා ගත් කැප්පෙටිපොල ගවරම්මාන විල්සන් බංගලාව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *