Breaking News
Home / News / සජීවී ගව උපතකට පණ දෙන මේ නංගිගේ වැඩ බලමුද ? ( VIDEO )

සජීවී ගව උපතකට පණ දෙන මේ නංගිගේ වැඩ බලමුද ? ( VIDEO )

වැලිමඩ දිවිතොටවෙල ප්‍රෙද්ශයේ පදිංචි වාසනා කාංචනමාලී ගව පාලනය තුලින් දිරිය ජය ගත් තරුණියකි.

බොහෝ තරුණ තරුණියන් යොමු නොවන ක්ෂේත්‍රයකට යොමු වී ඇති ඇය තම පියා වන සරත් විමලවීර සමග සුළුවෙන් ගව පාලනයට යොමු වී මේ වන විට කිරි ගවයින් 45 න් සමන්විත ව්‍යාපාරයක් කරගෙන යයි. ගව පාලනය පිළිබද කිසිදු පුහුණුවක් නොලබා ඇති ඇය මේ වන විට අපූර්ව ලෙස සජීවී ගව උපත් විසිපහකට පමණ සිය දායකත්වය ලබා දී තිබේ.

ගොවිපලේ සිටින ගැබ්බර එළදෙනුන් හට සාත්තු සප්පායම් කර ප්‍රසූත අවස්තාවේදී ඇය සිදු කරන කටයුතු විශ්මය ජනකය. මේය හොද ආදායමක් ලබාගත හැකි ව්‍යාපාරයක් බව පවසන ඇය කාටත් යොමු විය හැකි ආදායම් මාර්ගයක් බව කියති.

පවුලේ සැම එක්ව කරන ෆමිලි ෆාම් නැමති තම කිරි ගව ව්‍යාපාරය කරගෙන ඉදිරියේදී තවත් දියුණුවීම තම අරමුණ බැව් ඇය කියති.

( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )

About premalal

Check Also

92424cc1b20981e99d6dfb84778b93c0--mens-sport-watches-casio-edifice

ඌව පරණගම ඔරලෝසුවේ මන්ත්‍රි ධූරයට සීතල යුද්ධයක්

ඌව පරණගම ප්‍රාදේශිය සභාව සදහා ඔරලෝසුව ලකුණින් තරග වැදුණු ස්වාධින කණ්ඩායමට හිමිව ඇති එකම මන්ත්‍රි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *